Ticker

6/recent/ticker-posts

තලාවේ අනතුරින් මියගිය සිසුවා ගැන තොරතුරු හෙළිවෙයි - බස් රියදුරු අත්අඩංගුවට


 අද (10) දහවල් තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ සිසුවෙකු බව පොලීසිය පවසයි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 16 හැවිරිදි හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ දී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදුව තිබුණි.

අනතුරින් බස් රථයේ ගමන් ගත් 39 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර ඇත.

මියගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත්ක ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවය.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments