Ticker

6/recent/ticker-posts

පොලිසියෙන් වාර්තාවක් එළියට - විශේෂ මෙහෙයුමක්

 


පොලීසිය විසින් රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම් සම්බන්ධ දෛනික වාර්තාවක් විසින් නිකුත් කර ඇත. එම වාර්තාවට අනුව පොලීසිය විසින් ඊයේ (22) දින සිදුකළ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 1,025ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේ අරමුණු ලෙස දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් මගින් රට තුළ ව්‍යාපත්ව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම වාර්තා වේ.

එහිදී සිදුකළ මෙහෙයුම් යටතේ පොලිසිය විසින් හෙරොයින් ග්‍රෑම් 354ක්, අයිස් ග්‍රෑම් 529ක්, ගංජා කිලෝ 124ක් සහ ග්‍රෑම් 282ක්, ගංජා පැළ 11,5176ක් කුෂ් ග්‍රෑම් 14ක්, හෂීස් ග්‍රෑම් 284ක්, මත්පෙති ග්‍රෑම් 791ක්, මදනමෝදක ග්‍රෑම් 42යි මිලිග්‍රෑම් 700ක්, මාවා කිලෝ 01 ග්‍රෑම් 598ක් භාරයට ගෙන ඇත.

එහි වාර්තාව පහළින්,

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments