Ticker

6/recent/ticker-posts

රාජිතට අධිකරණයෙන් දුන් නියෝගය.!

 


2014 වසරේ අගෝස්තු (01) වනදා සිට නොවැම්බර් (01) වනදා දක්වා කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටි අතර ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 13ක් සංශෝධනය කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

අනතුරුව රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස (29) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments