පසුගිය 09 වනදා බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක් අසල බුර්කාවකින් සැරසී කාන්තාවක් විලසින් සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටි පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සිසුවා ඊයේ (10) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සිසුවා ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිසුවාගේ මව සහ පියා විදේශගතව සේවය කරන බැවින් ඔහු සිය සහෝදරිය සමඟ මිත්තණියගේ නිවසේ රැඳී සිටින අතර ඔහුගේ මිත්තණිය පාසල් මනෝ විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරන්නියක් බව පොලීසිය පවසයි.
මෙම සිසුවා, පාසල නියෝජනය කරමින් භාරත නාට්‍ය අංග සඳහා සහභාගී වී ඇති බවත්, එහිදී අවස්ථා කිහිපයකදීම කාන්තා චරිත සඳහා වෙස් ගන්වා රඟපා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
සිසුවා විසින් විදේශගතව සිටින මව විසින් එවන ලද මුදල් භාවිත කර මීට මාසයකට පමණ පෙර මෙම බුර්කාව මිලදී ගෙන ඇති බව සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබේ. බුර්කාවක් පැළඳීමට ඇති වූ ආශාව හේතුවෙන්, සිය සහෝදරිය උපකාරක පන්ති සඳහා සහභාගී වීමට නිවසින් බැහැරව ගිය අවස්ථාවක ඇයගේ ඇඳුම්, පාවහන් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය රැගෙන ගොස් නගරයේ පාළු ස්ථානයකදී ඒවායින් සැරසී මෙලෙස නගරයේ සැරිසැරූ බව සිසුවා පොලිසිය හමුවේ පවසා ඇත.
✅✅✅✅✅✅✅✅✅✅

0 Comments