චාමික කරුණාරත්නට අධිකරණයෙන් දුන් නියෝග‍ය


 ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න බව පවසමින් තරුණියක් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් (08) මෙම නියෝගය නිකුත් කළා.


ඒ අනුව, චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 ක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියම කළා.


කෙසේවෙතත් මෙම තරුණිය ඔහුට එරෙහිව පසුගිය 21 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.


නඩුවේ දෙවන දිනයටත් චාමික කරුණාරත්න මහතා අධිකරණයේ පෙනී නොසිටි බවත් ඔහු දිගින් දිගටම අධිකරණය මඟහරිමින් සිටින බවටත් ඇය එදින සඳහන් කර සිටියා.


අධිකරණ පරිශ්‍රයේදී ඇය සඳහන් කළේ, තම දරුවාට නම ලබාදීම පවා ඔහු ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් පීතෘත්වය තහවුරු කරන පරීක්ෂණයක් සිදුකිරීම හා දරුවාගේ නඩත්තු ලබාගැනීම සඳහා මෙම නඩුව ගොනු කළ බවයි.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post