Ticker

6/recent/ticker-posts

මහනුවරේ බෝම්බ පිපුරුනාද? - පොලිසියෙන් නිවේදනයක්

 


මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇති බවට නිල විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබුණු තර්ජනයක් මත සිදුකළ සෝදිසි මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසිය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනයේ දැක්වෙන්නේ, මෙම තර්ජනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මහනුවර පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම්දීමෙන් පසු වහාම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් බෝම්බ නිෂ්ක්‍රියකරණ අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රියකරණ අංශය එක්ව දැඩි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත්, මෙතෙක් සෝදිසි මෙහෙයුමේදී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සෝදිසි මෙහෙයුම් සහ විමර්ශන තවදුරටත් සිදුකෙරෙමින් පවතින බවද නිවේදනයේ දැක්වේ.

 

Gallery


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments