Ticker

6/recent/ticker-posts

රටක් කැළඹූ සිරිමාවෝ බාලිකාවේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශනයක්

 


කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති වර්ණ ප්‍රදානෝත්සවයකදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් එම විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති මෙම සිද්ධිය කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවයි.

එම වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව විමර්ශනය කර ඉදිරි ක්‍රියාමාර්ග සහ අවශ්‍ය උපදෙස් ලබා දීමට තීරණය කරන බව ද ඔහු පවසා ඇත. 


රටක් කැළඹූ සිරිමාවෝ බාලිකාවේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශනයක් - විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි | Education Ministry Probes Sirimavo Incident

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments