ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශය (Ministry of Marine Affairs and Fisheries) යටතේ ක්‍රියාත්මක වූ ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමග අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති අතර, ඊට ආසන්න කඳුකර ප්‍රදේශයක යානයේ සුන්බුන් විසිරී ඇති ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මෙම ATR 42-500 දරන ගුවන් යානය යෝගjakarta (Yogyakarta) සිට දකුණු සුලවේසි හි මැකස්සාර් (Makassar) දක්වා ගමන් කරමින් තිබියදී ගුවන් පාලක මැදිරිය සමඟ තිබූ සබඳතා බිඳ වැටී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ කාර්ය මණ්ඩලය සහ මගීන් ඇතුළුව පුද්ගලයින් 11 දෙනෙකු ගමන් කරමින් සිටි බව ඉන්දුනීසියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා.
යානය අතුරුදහන් වූ බවට සැක කෙරෙන මැකස්සාර් සහ මාරොස් (Maros) දිස්ත්‍රික්කයට අයත් ලියැං-ලියැං (Leang-Leang) ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
