ඔබත් සීතලට ආස කෙනෙක්ද? එහෙනම් මේ දවස්වල නුවරඑළිය පැත්තේ ගියොත් ඔබට දකින්න ලැබෙන්නේ හීනයක් වගේ ලස්සන දර්ශනයක්.
හැබැයි මේ ලස්සන පිටුපස ලොකු කතාවකුත් තියෙනවා.....
අද ජනවාරි 17 අලුයම නුවරඑළිය පුරාම දැඩි සීතලක් එක්කම මල් තුහින පතිත වෙලා තියෙනවා. නුවරඑළියේ ලස්සන මල් උද්‍යාන, තේ වතු, සහ එළවළු පාත්ති මත අයිස් කැට තැන්පත් වෙලා තියෙන විදිහ දැක්කම හරියට අපි වෙනත් රටකට ගිහින් වගේ....
වික්ටෝරියා පාර්ක් එකේ තණකොළ පිට්ටනි, කෘගර් ඇළ ඉවුර සහ තේ ගස් මත අයිස් අංශු තැන්පත් වෙලා තියෙනවා.නුවරඑළිය පැත්තේ අපේ වාර්තාකරුවන් පවසන්නේ මුළු ප්‍රදේශයටම දරාගත නොහැකි සීතලක් දැනෙන බවයි.
බලන්න ලස්සන වුණාට, මේ මල් තුහින නිසා තේ ගස් සහ එළවළු පාත්ති "පිළිස්සීමේ" අවදානමක් තියෙනවා. ඒ කියන්නේ වගාවලට මේක ලොකු පාඩුවක්. ඔබ මේ දවස්වල නුවරඑළිය පැත්තේ යනවා නම්, හොඳට ජැකට් සහ හීටර් ලෑස්ති කරගෙනම යන්න. මේ අයිස් දර්ශන බලන්න නම් අලුයම 5-6 වෙද්දී නැගිටින්නම වෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
