ලෝක සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරපු 'Avatar' චිත්‍රපට මාලාවේ අලුත්ම දිගහැරුම, ‘Avatar: Fire and Ash’ දැන් මුළු ලෝකයම තමන්ගේ අතට ගෙන ඉවරයි.
තිරගත කිරීම් ආරම්භ කරලා දින 15ක් වැනි පුදුම හිතෙන කෙටි කාලයක් ඇතුළත මේ චිත්‍රපටය අමෙරිකානු ඩොලර් බිලියනයක ආදායම් සීමාව පසුකරලා තියෙනවා.
සිනමා ඉතිහාසයේ බිලියනයේ සීමාව වේගයෙන්ම පසු කළ චිත්‍රපට අතර 8 වැනි ස්ථානයට පත් වෙන්නත් මෙයට හැකි වුණා.
මෙතෙක් 2025 වසරේ රජ කරපු Disney සමාගමේම 'Zootopia 2' චිත්‍රපටය තියපු වාර්තාව අභිබවා යන්න දැන් Avatar සමත් වෙලා. විචාරකයින් කියන්නේ තව සති කිහිපයකින් 'Zootopia 2' සතු ඩොලර් බිලියන 1.59 ක ආදායම් වාර්තාවත් Avatar විසින් කුඩු පට්ටම් කරලා දායි කියලයි.
ජේම්ස් කැමරන් කියන්නේ නිකම්ම අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක් ලැබූ කැමරන්ගේ හතරවැනි චිත්‍රපටය තමයි මේ.
Titanic යන චිත්‍රපටත් මේ වගේම දැවැන්ත ආදායම් වාර්තා තැබුවා.
මේ චිත්‍රපටය චීනයෙත් හරිම ජනප්‍රියයි. චීනයෙන් විතරක් මේ වෙනකොට ඩොලර් මිලියන 100කට වඩා ආදායමක් උපයන්න මේ 'Avatar: Fire and Ash' එකට පුළුවන් වෙලා තියෙනවා.
සිනමා විශ්ලේෂකයින් පවසන්නේ වර්තමානයේ පවුලේ සැමට එකට නැරඹිය හැකි චිත්‍රපට වලට ලොකු ඉල්ලුමක් තියෙන නිසා, Avatar ඉදිරි නිර්මාණත් ඒ පැත්තට බර වෙලා හැදුවොත් තවත් වාර්තා ඉතිරි වෙන එකක් නැහැ කියලා....
✅✅✅✅✅✅✅✅✅
