විභාගය අතරමග නතර වෙලා හිටපු උසස් පෙළ දරුවන්ට වගේම ටියුෂන් ක්ෂේත්‍රයේ අයටත් විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නියෝගයක් නිකුත් කරලා තියෙනවා.
ආපදා තත්ත්වය නිසා කල් ගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික ලබන සතියේ පටන් ගන්න නියමිතයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ තහනම ගැනයි මේ කියන්න යන්නේ. අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු පහත සඳහන් දේවල් සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා..
- විෂයානුබද්ධ උපකාරක පන්ති පැවැත්වීම.
- විශේෂ දේශන හෝ සම්මන්ත්‍රණ (Seminars) සංවිධානය කිරීම.
- "අනිවාර්යයෙන්ම එනවා" යැයි පවසන අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම.
- විභාගයට අදාළ බැනර්, අත් පත්‍රිකා හෝ දැන්වීම් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම.
මේ නීති කඩ කරන අයට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. සිදු වූ ආපදා තත්ත්වය නිසා මග නතර වුණු විෂයන් මේ මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කරලා තියෙන්නේ. මුළු ලංකාව පුරාම විභාග මධ්‍යස්ථාන 2,362කදී මේ කටයුත්ත සිද්ධ වෙනවා.
✅✅✅✅✅✅✅✅✅
