ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඇහෙන අලුත්ම ආරංචිය නම් ඒ තරම් සුබ එකක් නෙවෙයි.
Beaches & Islands
මෙච්චර කල් අපි හිතුවේ "බයිපාස්" (Bypass) සැත්කම් කියන්නේ අවුරුදු 60-70 පහු වුණු සීයලාට, ආච්චිලාට තියෙන ලෙඩක් කියලා. හැබැයි දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා....
හෘද උරස් විශේෂඥ වෛද්‍ය නාලක දිසානායක මහතා හෙළි කළේ, කලින් වයසක උදවියට විතරක් කරපු මේ සංකීර්ණ සැත්කම්වලට දැන් අවුරුදු 25ත් 30ත් අතර තරුණයින් පෝලිම් ගැසී සිටින බවයි. හිතාගන්නවත් බැරි විදියට තරුණ පිරිස් අතර හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ ගිහින්.
කාන්තාවන්ට වඩා හෘදයාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් පිරිමින්ට තියෙනවාලු. ඒකට හේතු විදියට වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ජානමය බලපෑම්, ස්ත්‍රී-පුරුෂ හෝමෝනවල පවතින වෙනස්කම්, පිරිමින්ගේ ජීවන රටාවේ තියෙන වැරදි පුරුදු.
ලංකාවේ බයිපාස් සැත්කම් කරන්න ලොකු පොරොත්තු ලේඛනයක් (Waiting List) තියෙනවා. අපේ රටේ මේ වගේ සැත්කම් කරන්න තියෙන පහසුකම් සීමිතයි. "ඉතින් ශල්‍යකර්මයක් කරනවාට වඩා වටින්නේ මේ ලෙඩේ හැදෙන්න කලින් වළක්වා ගන්න එක" කියලා වෛද්‍ය නාලක දිසානායක මහතා අවධාරණය කරනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
