අදට (15) යෙදී තිබෙන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝකවාසී දෙමළ ජනතාවට සිය සුබපැතුම් එක් කර තිබෙනවා.
එහිදී ඔහු පවසා සිටියේ මෙවර තෛපොංගල් සැමරුම "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ගොඩනැගීමේ ගමනට ලොකු ආශිර්වාදයක් වනු ඇති බවයි.
සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට උදව් කළ හිරු දෙවියන්ට, ගවයන් ඇතුළු සතුන්ට සහ සොබාදහමට ස්තූති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ජනපති සිහිපත් කරනවා. මෑතකාලීන ස්වභාවික ව්‍යසනයන්ගෙන් පස්සේ, රටක් විදියට යළි ගොඩනැඟීමේ දැඩි අධිෂ්ඨානයෙන් අප විශාල ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයකට එක්ව සිටින බව ඔහු පවසනවා.
අන් කවරදාටත් වඩා සොබාදහම සමඟ බැඳී සිටීමේ අවශ්‍යතාවය අද දවසේ පවතින බවත්, තෛපොංගල් උත්සවය ඒ සඳහා හොඳම පණිවිඩය ලබා දෙන බවත් ජනපතිගේ අදහසයි.
ජනපතිවරයා අවධාරණය කරන්නේ ඕනෑම අන්ධකාරයකට පසුව ආලෝකයක් ඇති බවයි. තිර අදිටනින් සහ එකමුතුව අභියෝග ජය ගනිමින් අලුත් ගමනක් යාමට සියලු දෙනාට ඇරයුම් කරන ඔහු, ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දෙමළ ජනතාවට සෞභාග්‍යවත් සුබ තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනා කර සිටිනවා.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
