ඇයගේ ඒ රූ කිරුළ ගැන අදටත් බොහෝ දෙනාට මතක ඇති..
මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීමෙන් වසර කිහිපයකට පසු ඒ ගැන ඇසුණු තවත් විශේෂ ආරංචියක් ගැනයි.
පුශ්පිකා ද සිල්වා, ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන නිරූපණ ශිල්පිනියක් ලෙස ඇය හඳුන්වාදෙන්න පුළුවන්. මේ 2021 වසරේ සිදුවුණු ඒ සිද්ධිය ගැන අද ඇසෙන විශේෂ ආරංචියක්..
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ මීට වසර තුනකට පෙරදී පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැළැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක් වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ පවරා ඇති නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ නියම කර තිබෙනවා.
එදිනට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි කැඳවීමට නියමිත බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළා.
සිද්ධියට අදාළ එක් විත්තිකරුවෙකු විසින් ඊයේ(19) අධිකරණයේදී සාක්ෂි ලබාදීම සිදු කළා.
සිද්ධියට අදාළ වැඩිදුරටත් සාක්ෂි විභාගය මීළඟ නඩු දිනයේදී සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න