එදින වවුනියාවේ අහස වෙනදාට වඩා මඳක් පැහැදිලිව තිබුණි.
අපොස උසස් පෙළ විභාගයේ බර මඳකට සැහැල්ලු කරගත් මිතුරන් තිදෙනෙකු සමඟ දහඅට හැවිරිදි ඔහු මහමයිලන්කුලම වැව් ඉවුරට පැමිණියේ සතුටු සාමීචියේ යෙදෙන්නටය. කෝවිල්කුලමේ පදිංචිව සිටි ඔහු, ජීවිතයේ සුන්දරම කාලය ගෙවමින් සිටි ජවසම්පන්න තරුණයෙකි.
"අද නම් වතුර හරිම නිසලයි, අපි නාමුද?"
මිතුරන්ගේ යෝජනාවට එකඟ වූ ඔහු, සිනහවෙමින් වැව් දියට බැස්සේ ඉදිරියේ ඇති අනතුර ගැන කිසිදු ඉඟියක් නොමැතිවය. සිව්දෙනාම ජලයේ රිසි සේ කෙළිදෙලෙන් පසුවූහ. සිනහ හඬත්, ජලය විසි කරන ශබ්දයත් මුළු වැව් තාවුල්ලේම දෝංකාර දුන්නේය.
නමුත් ඒ සතුට වැඩි වේලාවක් පැවතුණේ නැත. එක් මොහොතක, ජල ක්රීඩාවේ යෙදෙමින් සිටි ඔහු මිතුරන්ගේ ඇස් මානයෙන් මඳක් ඈතට ගියේය. ක්ෂණයකින් වැව් දිය ඔහුව තමා වෙතට ඇදගත්තේය. දිය මතුපිටින් අතුරුදන් වූ මිතුරා සෙවීමට අනෙක් තිදෙනා කලබලයෙන් වෙර දැරූහ.
"මොකද වුණේ? එයා කොහේද?"
බියෙන් තැතිගත් මිතුරන් මහත් පරිශ්රමයක් දරා ඔහුව දිය යටින් සොයාගෙන ගොඩට රැගෙන ආහ. තවමත් ඔහු තුළ ජීවය ඉතිරිව ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුන් වහාම ඔහුව රෝහල වෙත රැගෙන ගියහ. රෝහල් කාර්ය මණ්ඩලය ඔහුව බේරා ගැනීමට උපරිම උත්සාහයක් ගත්තද, ඒ වන විටත් මාරයා ඔහු අභිබවා ගොස් තිබුණි.
ප්රදේශයම ශෝකයට පත් කරමින්, ඒ තරුණ ජීවිතය මහමයිලන්කුලම වැව් දියේ නිහඬ විය. මඩුකන්ද පොලීසිය විසින් පරීක්ෂණ පවත්වා සාක්ශි විමසීමෙන් අනතුරුව, නිසල වූ ඒ දේහය හඬා වැලපෙන ඥාතීන් වෙත භාර දෙන ලදී. උසස් පෙළින් පසු ලස්සන ලෝකයක් ගැන සිහින මැවූ දෑස්, සදහටම පියවී ගියේ ඒ අයුරිනි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
