පෙබරවාරි 4 වෙනකම් කොළඹ පාරවල් වල ලොකු වෙනසක්! ඔබේ ගමන් මඟ මඟහැරෙන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න.

 


78 වන ජාතික නිදහස් දින සැමරුම 2026 පෙබරවාරි 4 වනදා නිදහස් චතුරශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්න හැමදේම ලෑස්තියි. 



හැබැයි පෙබරවාරි 4 විතරක් නෙවෙයි, ඊට කලින් තියෙන පෙරහුරු (Rehearsals) නිසාත් පාරවල් කිහිපයක වාහන යන්න වෙන්නේ නැහැ.පෙරහුරු සහ නිදහස් දින උත්සවය නිසා රථවාහන සීමා වෙන්නේ මෙන්න මේ වෙලාවන් වලටයි.
  • ජනවාරි 30, 31 සහ පෙබරවාරි 02: පෙරවරු 07.45 සිට පස්වරු 1.30 දක්වා.
  • පෙබරවාරි 01 (පූර්ණ පෙරහුරුව): උදෑසන 05.00 සිට පස්වරු 1.30 දක්වා.
  • පෙබරවාරි 04 (නිදහස් දිනය): උදෑසන 05.00 සිට උත්සවය අවසන් වන තුරු.
මේ කාලසීමාව ඇතුළත පහත මාර්ගවල ගමනාගමනය සීමා වෙනවා..
  • නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට.
  • ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට.
  • බෞද්ධාලෝක මාවතෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට සහ මේට්ලන්ඩ් පෙදෙසට.
  • විජේරාම මාවතෙන් විද්‍යා මාවතට.
  • හෝර්ටන් පෙදෙස සහ මේට්ලන්ඩ් ක්‍රසන්ට් අවට මාර්ග.
පෙබරවාරි 4 වනදා උදෑසන 03 සිටම අතිරේක මාර්ග කිහිපයක් වසා තැබෙනවා.
  • හෝර්ටන් වටරවුමෙන් ආනන්ද කුමාරස්වාමි මාවත.
  • පුස්තකාල හන්දිය, ධර්මපාල මාවත සහ කන්නංගර මාවත අවට ප්‍රදේශ.
ඉතින් මේ දවස් ටිකේ කොළඹ යනවා නම් හදිසි වෙන්නේ නැතුව, විකල්ප මාර්ග පාවිච්චි කරන්න අමතක කරන්න එපා.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post