ලොවම කළඹමින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය..

 


පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී එම බලධාරීන් විසින් සොයාගෙන ඇත.

යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එම පිරිස සොයා ඉන්දුනීසියානු බලධාරීන් විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.

මෙම යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට තොරතුරු අනාවරණය විය.

ATR 42-500 වර්ගයේ ගුවන් යානාවක් වූ මෙම යානය ඊයේ (17) දිනයේදී අතුරුදන් වූ අතර අතුරුදන් වන අවස්ථාවේ එම යානයේ පුද්ගලයින් 11 දෙනෙකු සිට තිබුණා.

ඉන්දුනීසියාවේ මැකස්සාර් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදන්ව තිබුණි.


✅✅✅✅✅✅✅✅✅✅



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post