මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

 


ලංකා ගුරු සංගමය මඟින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් මුද්‍රණය කරන ලද ඉංග්‍රීසි භාෂා විෂය මොඩියුලයේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක තොරතුරු ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් රජයට සිය වගකීමෙන් බැහැර විය නොහැකි බව අවධාරණය කර ඇත.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මෙම ක්‍රියාව හරහා දරුවන්ගේ අධ්‍යාපනයට විශාල හානියක් සිදුව ඇති බවයි.

ඔහු මෙම අදහස් දැක්වුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි. එසේම ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මෙම මොඩියුල මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි හතකට අධික මහජන මුදලක් වැය කර ඇති බවත්, මෙවැනි බරපතළ දෝෂ සහිත ප්‍රකාශන මුද්‍රණය කිරීම හරහා එම මුදල් විශාල වශයෙන් නාස්ති වී ඇති බවත් ය. තවද මෙය ජනතා මුදල් සෘජුවම අපතේ යැවීමක් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊට අමතරව මෙම වැඩපිළිවෙළේ ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙය වත්මන් රජය විසින් හඳුන්වා දුන් එකක් නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිට ඉදිරියට ගෙන එන ලද්දක් බවයි.

එහෙත් පෙර පාලන සමයේ පවා ක්‍රියාත්මක නොවූ මෙම වැඩසටහන නිසි ප්‍රමිතියකින් තොරව ක්‍රියාවට නැංවීම පිළිබඳව ඔහුගේ විවේචනය එල්ල විය.


✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post