මෙන්න මේ සේවකයන්ට බෝනස් හා දීමනා දෙනවලු

 


ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ ලාභ ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට බෝනස් සහ පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට දිමනාවක් ලබා දෙන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ  (31) පස්වරුවේ නාවලපිටිය ලංගම ඩිපෝවේ නිරික්ෂණ චාරික්වකට එක් වෙමින් සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි.

එහි අඩුපාඩුකම් සොයා බැලීමේ අවස්ථාවේදී එම ඩිපෝ සේවකයින් විසින් රජයෙන් ලංගම සේවකයින්ට ලබා දෙන බව පැවසූ බෝනස් මුදල නොලැබුණ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ පැවසීමෙන් අනතුරුව අමාත්‍යවරවයා මෙලෙස පවසා ඇත.

නාවලපිටිය ලංගම ඩිපෝවේ දැනට පවතින අඩුපාඩුකම් සපුරාලිමට කටයුතු කරන බවත්, එම අඩුපාඩුකම් සපුරාලීමෙන් අනතුරුව එම ඩිපෝව ආදායම් ඉහළ දැමිමට සේවකයින් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post