"අනේ තාත්තේ ගෙදරින් යන්න එපා" බෑගයේ කරපටිය කැඩුණාට දියණියගෙන් පලිගත්ත පියා... තීනියාවලින් ඇහෙන සංවේදී කතාව.

 


ආදරය රැකවරණය දිය යුතු පියෙකුගෙන් තමන්ගේම ලේ කිරි කළ දියණියකට මෙවන් ඉරණමක් අත් වේ යැයි කිසිවෙකුත් නොසිතන්නට ඇති. 


තීනියාවල ප්‍රදේශයෙන් වාර්තා වන මේ පුවත ඇසූ ඕනෑම අයෙකුගේ දෑසට කඳුළු උනන බව නොඅනුමානයි.


බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන 36 හැවිරිදි සෙබළෙකු, සිය නිවසට පැමිණ සිටි අවස්ථාවක බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් මේ විනාශයට මුල පුරා තිබෙනවා. කේන්තියෙන් නිවසින් පිටව යන්නට සැරසුණු පියාගේ ඇඳුම් බෑගයේ එල්ලී "අනේ තාත්තේ ගෙදරින් යන්න එපා" කියමින් හඬා වැටුණු හත් හැවිරිදි සිඟිති දියණියට ඔහුගෙන් ලැබුණේ ආදරය නෙමෙයි, දරුණු පහරවල් කිහිපයක්.

මෙම දැරිය සාමාන්‍ය දරුවෙකු නොවේ. ඇය උපතින්ම හෘදය වස්තුවේ සිදුරක් සහිතව දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන දරුවෙකි. තම දියණියගේ මෙම අසනීප තත්ත්වය පවසා නිවාඩු ලබාගෙන නිවසට පැමිණි පියාම, දියණියගේ පිට ප්‍රදේශයට වැරෙන් පහර දී ඇත්තේ බෑගයේ කරපටිය කැඩී යාම නිසා ඇති වූ උමතු කේන්තිය නිසයි.

පියාගේ පහරදීමෙන් පසුව පපු ප්‍රදේශයේ ඇති වූ දැඩි රිදුම නිසා මේ වන විටත් දැරිය ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. තමන්ගේම පියා නිසා අද ඇයට රෝහල් ඇඳක් මත වේදනාවෙන් පසුවීමට සිදුව තිබීම දෛවයේ සරදමක්.

සිද්ධිය සම්බන්ධයෙන් තීනියාවල පොලිසිය දැඩි පරීක්ෂණ පවත්වනවා. දැනට පොලිස් ඇප මත මුදා හැර ඇති සැකකරුට ලබන 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කර තිබෙනවා. 


✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post