"සැමියාටත් ගැහුවා.. එයාටත් අමාරුයි.." විශ්වාස කරලා ගෙට ගත්ත මිනිස්සුන්ගෙන් පරෙස්සම් වෙන්න! කන්න දීපු අත හපා කෑ හැටි.

 


කළුතර, දියගම ප්‍රදේශයෙන්  (04) වාර්තා වන්නේ සිතාගත නොහැකි තරම් බිහිසුණු පුවතක්. 


තමන්ගේම නිවසේ නවාතැන් දී, කන්න දීලා බලාගත්තු සේවකයා අතින්ම 35 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙක් අවසන් ගමන් ගිය පුවතක් දැන් මුළු පළාතම කම්පා කර තිබෙනවා.


දියගම පදිංචි ධනංජය ප්‍රියදර්ශන නම් තරුණ ව්‍යාපාරිකයා තම නිවසේම බ්ලොක් ගල් වැඩපළක් පවත්වාගෙන ගොස් තිබුණා. මෙහි වැඩට කුරුණෑගල ප්‍රදේශයෙන් පැමිණි සේවකයෙකුට ඔහු තම නිවසේ උඩුමහලේම නවාතැන් දී තිබුණේ සහෝදරයෙකුට වගේ. හැබැයි මේ සේවකයා මෙතරම් දරුණු වෙයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.

පසුගිය 02 වැනිදා අලුයම 5.00ට විතර, මේ සේවකයා මිටියක් අරගෙන නිදන කාමරයට ඇතුළු වෙලා තියෙනවා. තද නින්දේ සිටි ධනංජයගේ හිසට මිටියකින් වැරෙන් පහර කිහිපයක් එල්ල කළ මේ සේවකයා, එතැනින් නොනැවතී නාන කාමරයේ සිට එළියට ආපු ධනංජයගේ බිරිඳටත් මිටියෙන්ම පහර දී තිබෙනවා.

බිරිඳගේ මරහඬ ඇසී අසල්වැසියන් දිව එන විට ඇය නාන කාමරය අසල ලේ විලක් මැද වැටී සිට තිබෙනවා. "සැමියාටත් ගැහුවා.. ඔහුට අමාරුයි.." කියමින් ඇය කළ ඉල්ලීම මත වහාම ඔවුන් දෙදෙනා නාගොඩ රෝහලට ඇතුළත් කළත්, දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ මරණය සමඟ සටන් කළ ධනංජය අද උදෑසන අවසන් හුස්ම හෙළුවා.

පහරදීමෙන් පසු සේවකයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා කළුතර උතුර පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මාස 6ක් තිස්සේ විශ්වාසවන්තව සේවය කළ මේ පුද්ගලයා මෙලෙස ම්ලේච්ඡ ලෙස හැසිරුණේ ඇයිද යන්න තවමත් රහසක්. 


✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post