එය වේයන්ගොඩ පත්තලගෙදර පදිංචි එම පවුලට අතිශය කාර්යබහුල රාත්‍රියක් විය.
73 හැවිරිදි වියේ පසුවූ සිය ආදරණීය මව නිවසේ නතර කළ පුත්‍රයා, ලේලිය සහ මුණුබුරන් දෙදෙනා සමඟ නිවසින් පිටත්ව ගියේ දේවාලයක් වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමේ අරමුණෙනි. නිවස තුළ තනිවූ මව සුපුරුදු පරිදි සිය කාමරයට වැදී නින්දට යන්නට ඇත.
එහෙත්, ඔවුන් නොසිටි ඒ හෝරා කිහිපය තුළ දෛවය අකාරුණික ලෙස ක්‍රියාත්මක විය.
අලුයම 1.00 ට පමණ දේවාලයේ වත්පිළිවෙත් අවසන් කර පුත්‍රයා ඇතුළු පිරිස නැවත නිවසට පැමිණියහ. නිවස නිහඬය. එහෙත් නිවසට ඇතුළු වූ ඔවුන්ට දැකගත හැකි වූයේ සිත කම්පා කරවන දසුනකි. මව නිදා සිටි කාමරයේ දොර යටින් තුනී කළු දුමාරයක් පිටතට ගලා එමින් තිබුණි.
කලබලයට පත් වූ පුත්‍රයා වහා කාමරයේ දොර විවෘත කළේය. මුළු කාමරයම ඝන කළු දුමාරයෙන් පිරී තිබූ අතර, සිය මව පණ ගැහෙමින් සිහිමඳ ගතියෙන් යහන මත වැතිර සිටිනු ඔහුට දැකගත හැකි විය.
වහා ක්‍රියාත්මක වූ පවුලේ පිරිස ඇයව වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගියහ. පරීක්ෂා කළ වෛද්‍යවරුන්ටද පුදුමයක් ගෙන දෙමින් ඇයගේ ශරීරයේ කිසිදු බාහිර පිළිස්සුම් තුවාලයක් දක්නට නොලැබුණි. එහෙත්, කාමරය පුරා පිරී තිබූ ඒ විෂ දුමාරය ඇයගේ පෙනහළු වෙලාගෙන තිබුණි.
වෛද්‍යවරුන් උපරිම උත්සාහ කළද, ඒ වන විටත් එම මව සිය අවසන් හුස්ම වාතයට මුසු කර හමාරය. දුමාරය ආඝ්‍රාණය වීමෙන් ඇති වූ අසාත්මිකතාවයක් හෝ හුස්ම හිරවීම ඇයගේ මරණයට හේතුවන්නට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පොලිසිය සැක කරන්නේ නිවසේ ඇතිවූ විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න හටගන්නට ඇති බවයි. ආශිර්වාද ලබාගෙන සතුටින් ගෙදර ආ පුත්‍රයාට සහ ලේලියට ඉතිරි වූයේ, කළු දුමාරයට මැදිව අසරණව මියගිය සිය මවගේ නිසල දේහය පමණි.
වේයන්ගොඩ පොලිසිය මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. එක් නිමේෂයක සිදුවූ අතපසුවීමක් මුළු පවුලකටම සදාකාලික ශෝකයක් ඉතිරි කර තිබේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
