අප්‍රේල් 01 සිට තෙල් මිල ඉහලට යෑමේ අවදානමක්?



 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ පොල්තෙල් සහ පාම්ඔයිල් සඳහා පවතින විශේෂ බද්ද ඉවත් කිරීමට රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව හේතුවෙන් පොල්තෙල්වලට අහිතකර තෙල් වර්ග මිශ්‍ර කර වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇති බවයි.

දේශීය පොල්තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මින් මතුවන බව අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේය.

එළෙඹෙන අප්‍රේල් 01 වැනිදා සිට වෙළඳපොළේ පොල්තෙල් මිල ඉහළ යා හැකි බවත් එම තත්ත්වය හේතුවෙන් ෆාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග වෙළඳපොළේ වැඩි වශයෙන් සුලභ වීමේ අවදානමක් පවතින බවත් ඔහු අනතුරු අඟවා ඇත.

නව බදු සංශෝධන හේතුවෙන් පොල්තෙල් මිල ඉහළ යාමත් සමඟ ෆාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩු මිලට වෙළඳපොළට පැමිණීමට ඉඩ ඇති බවත් වෛද්‍යවරුන්ගේ අදහස් අනුව ගැඹුරු තෙලේ ආහාර පිසීම සඳහා සුදුසු වන්නේ පොල්තෙල් පමණක් වන අතර, ෆාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග භාවිතය සෞඛ්‍ය අවදානම් වැඩි කරන බවත් ඔහු පවසයි.

තවද, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් විසින් දේශීය වෙළඳපොළට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය සඳහා තිබෙන පොල් විදේශ අපනයනයට යොමු කිරීම හේතුවෙන් මෙරට වෙළඳපොළේ පොල්තෙල් හිඟයක් ඇති වන බවත්, එමගින් පාරිභෝගිකයන් ෆාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග පරිභෝජනයට තල්ලු වීමක් සිදුවන බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.  

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post