හොරණ ප්‍රදේශයෙන් වාර්තා වුණු හදවත කම්පා කරවන පුවතක් අද මුළු රටේම අවධානයට ලක්වෙලා තියෙනවා.
තරුණ වයසෙදිම ජීවිතය පාරේ දාලා ගිය තමන්ගේ යාළුවෙක්ට අවසන් ගෞරව දක්වන්න ගිය තරුණයින් පිරිසක් කරපු වැඩක් නිසා දැන් ඔවුන්ට හිරබත් කන්න වෙලා.
මීට දින කිහිපයකට කලින් හොරණදී යතුරුපැදි තරඟයක නිරතව සිටියදී මෝටර් රථයක ගැටී 17 හැවිරිදි පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා. මේ සිසුවාගේ අවමංගල්‍ය පෙරහර පැවැත්වෙන අතරතුර, ඒකට සහභාගී වුණු තරුණයින් පිරිසක් පොදු මාර්ගයේ ජනතාවට බාධා කරමින් සහ අනතුරුදායක ලෙස යතුරුපැදිවලින් "තනි රෝදයෙන් ධාවනය" කරමින් ගොස් තිබෙනවා.
මේ විනය විරෝධී ක්‍රියාව ගැන දැඩිව ක්‍රියාත්මක වූ පොලිසිය, හොරණ බැල්ලපිටිය සහ වල්පිට ප්‍රදේශවල පදිංචි 21 සහ 22 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේ මොවුන් දෙදෙනා ලබන පෙබරවාරි 06 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි.
රථවාහන පොලිසිය පවසන්නේ මේ වසරේ ගෙවුණු කෙටි කාලය තුළ පමණක් යතුරුපැදි අනතුරුවලින් 52 දෙනෙකු මියගොස් ඇති බවයි.
මියගිය යාළුවා වෙනුවෙන් කරන්න තිබුණේ ඔහුට පින් අනුමෝදන් කරන එක මිසක්, ඔහු මියගිය හේතුවම තවත් පාරක ප්‍රදර්ශනය කරලා තවත් පිරිසකගේ ජීවිත අවදානමට ලක් කරන එක නෙවෙයි. නීතියට කොටු වුණු මේ තරුණයින්ට දැන් තමන්ගේ වැරැද්ද ගැන හිරගෙදර ඇතුළේ ඉඳන් හිතන්න කාලය ලැබිලා තියෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
