සාමාන්‍යයෙන් මංගල උත්සවයක් කියන්නේ සිනහව, සතුට පිරුණු තැනක්.
ඒත් පාකිස්ථානයේ ඩෙරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන්නේ මංගල සාදයක් අතරතුර සිදු වූ අතිශය බිහිසුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ගැනයි. තත්පර ගණනකින් මංගල සිරිය ලේ විලක් බවට පත් කරමින් සිදු වූ මේ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ නිකම්ම මංගල උත්සවයකට නෙවෙයි. එහි සිටි සාම කමිටු සාමාජිකයින් රැඳී සිටි ගොඩනැගිල්ලක් ඉලක්ක කරගෙනයි මේ මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණ තිබෙන්නේ. මේ සාම කමිටු කියන්නේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව රජයට සහය දෙන ප්‍රදේශවාසීන් සහ වැඩිහිටියන්ගෙන් සමන්විත කණ්ඩායමක්.
තවමත් කිසිවෙකු ප්‍රහාරයේ වගකීම භාරගෙන නැතත්, සැකය එල්ල වෙන්නේ පාකිස්ථාන තලෙයිබාන් (TTP) සංවිධානය දෙසටයි. මොකද ඔවුන් මේ සාම කමිටු සාමාජිකයන්ව හඳුන්වන්නේ 'ද්‍රෝහීන්' විදිහට. 1997 ඉඳන් රජයට එරෙහිව සටන් කරන මේ කණ්ඩායමේ එකම අරමුණ මුළු රටේම දැඩි ඉස්ලාමීය නීතියක් රජ කරවන එකයි.
ප්‍රහාරයෙන් තවත් 25 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා තිබෙනවා. පාකිස්ථාන රජය චෝදනා කරන්නේ ඇෆ්ගන් තලෙයිබාන්වරු මේ සටන්කාමීන්ට උදව් කරන බවයි.
නමුත් කාබුල් පාලනය පවසන්නේ මෙය පාකිස්ථානයේ "අභ්‍යන්තර ප්‍රශ්නයක්" පමණක් බවයි.
ජීවිතයේ ලස්සනම දවස සමරන්න හිටපු පිරිසකට අද ඉතිරි වෙලා තියෙන්නේ ලේ තැවරුණු මතකයන් විතරයි. සටන්කාමී ප්‍රහාර රැල්ල පාලනය කරන්න පකිස්ථානය උත්සාහ කළත්, මෙවැනි අහිංසක මිනිසුන් බිලිගන්නා ප්‍රහාර තවමත් නතර වෙලා නැහැ.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
