මේ ලංකාවේ කොල්ලෝ දෙන්නෙක්ද නැත්නම් හොලිවුඩ් තරුද? සරිත් සහ සුරිත්ගේ අලුත් පෙනුමට රසිකයන් පිස්සු වැටෙයි.



 සරිත් සහ සුරිත් කියන්නේ අද වෙනකොට ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම වගේම ජනප්‍රියම "නිවුන් සහෝදරයෝ" දෙන්නෙක්නේ. 



කුඩා කාලයේ ඉඳලම වේදිකාව දිනාගත්තු මේ දෙන්නා, අද වෙනකොට තාරුණ්‍යයේ අසීමිත ආදරය දිනාගන්න සමත් වෙලා තියෙනවා.

ගායනයෙන් විතරක් නෙවෙයි, තමන්ගේ පෙනුමෙනුත් හැමදාමත් වෙනස්ම විලාසිතා කරන සරිත් සහ සුරිත්, මේ පාර සම්පූර්ණයෙන්ම වෙනස්ම "Swag" එකකින් තමන්ගේ රසිකයන්ව පුදුම කරලා තියෙනවා.

මේ දෙන්නා මේ පාර තෝරාගෙන තියෙන්නේ ඉතාමත් නවීන පන්නයේ Braided Hair Style එකක්.

ඉතාමත් ආකර්ශනීය කළු පැහැති කමිස සහ කලිසම් වලින් සැරසී සිටින මේ දෙන්නා, සැබෑ "Rockstars" ලා වගේමයි. අතේ පළඳින වළලු, මුදු සහ හැඩකාර අව් කන්නාඩි (Sunglasses) මේ පෙනුමට තවත් අමුතුම පෞරුෂයක් එක් කරලා තියෙනවා.

මේ අලුත් කොණ්ඩ මෝස්තරය නිසා සරිත් සහ සුරිත් දෙන්නාව හඳුනාගන්නත් බැරි තරමටම "Cool" පෙනුමක් ලැබිලා තියෙනවා කියලා තමයි රසිකයන් කියන්නේ.

මේ ඡායාරූප පෙළ සමාජ මාධ්‍යයට නිකුත් වෙච්ච ගමන්ම සෑහෙන පිරිසක් මේ ගැන කතා වෙන්න පටන් ගත්තා. "මේ ලංකාවේ කොල්ලෝ දෙන්නෙක්ද නැත්නම් හොලිවුඩ් තරුවලද?" කියලා හිතෙන තරමටම මේ විලාසිතාව ඔවුන්ට ගැලපෙනවා.
 
ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ දෙන්නාගේ මේ අලුත් පෙනුම ගැන?


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post