Ticker

6/recent/ticker-posts

කෝටි ගාණක් වටින රත්තරන් ගෙන්වූ ගුවන් සේවිකාව මාට්ටු

 


රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක අද(04 ) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණ ගුවන් සේවිකාවකි . ඇය අද අලුයම ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 163 ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් පිට වී යාමට තැත් කරමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments