බෙංගාල බොක්කේ තිබුණු කැළඹිලි ස්වභාවය දැන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙලා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියනවා.
මේ පද්ධතියේ සෙල්ලම් හින්දා ජනවාරි 08 වැනිදා ඉඳන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැස්ස වැඩි වෙන්න නියමිතයි. විශේෂයෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල.
නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වලට විටින් විට වැසි වැටෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ දිස්ත්‍රික්ක පහේ අයට නම් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා.
නුවර එළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව,අම්පාර මේ පැතිවල ඇතැම් තැන්වලට මි.මී. 100 ඉක්මවපු තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි අනාවැකි පල වෙන්නේ. අනිත් පළාත්වල ඉන්න අයටත් දවල් 1.00න් පස්සේ ගිගුරුම් සහිත වැසි වැටෙන්න පුළුවන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලටත්, උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිරටත් පැයට කිලෝමීටර් 50ක විතර තද හුළඟක් එන්න පුළුවන්. ඒ වගේම හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලටත් මේ තද හුළං තත්ත්වය බලපානවා කියලා වාර්තා වෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅
