නව අවුරුදු සමරමින් සැහැල්ලුවෙන් ගත කළ ලෝකයා මවිත කරමින් හිටිහැටියේ සිදුවූ අධිවේගී, අති ප්‍රබල එමෙන්ම අතිසාර්ථක වූත් මෙහෙයුමෙන් වෙනිසියුලානු ජනපති නිකොලස් මදුරෝ සහ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමට පෙර, අමෙරිකානු ප්‍රභූ හමුදා කමාන්ඩෝ භටයින් කෙන්ටකි ප්‍රදේශයේ මදුරෝගේ නිවස මෙන් සම්පූර්ණ අනුරුවක් තැනූ බව අනාවරණය වනවා.
මෙම අනුරුව තනා මදුරෝගේ නිවසට ඇතුළු වන ආකාරය පිළිබඳ සීඅයිඒ නිලධාරීන් පෙරහුරු පැවැත්වූ බවයි මෙහෙයුමේ තොරතුරු හෙළිකරමින් විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
‘නිරපේක්ෂ විසඳුම මෙහෙයුම’ (Operation Absolute Resolve) ලෙස නම් කර තිබූ මෙම මෙහෙයුමෙන් පසු, මදුරෝ අපරාධ චෝදනා සඳහා නිව්යෝර්ක් වෙත රැගෙන ගියා.
ඉතා භයානක මෙහෙයුමක් වූ මෙහිදී, එරට අමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමීමත් සමඟ, සී.අයි.ඒ. නිලධාරීන්ට වෙනිසියුලාව තුළ තිබූ රාජ්‍ය තාන්ත්‍රික ආවරණය යටතේ ක්‍රියා කිරීමට පවා නොහැකි තත්ත්වයක් තිබියදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී තිබුණා.
2011 දී නාවික හමුදාවේ සීල් කණ්ඩායම-6 හි සාමාජිකයින් පාකිස්තානයේ ආරක්ෂිත නිවසකදී ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු මෙතරම් අවදානම් සහගතව ක්‍රියාත්මක කළ අමෙරිකානු මෙහෙයුම මෙය බවයි විදෙස් වාර්තා පවසන්නේ.
රහසිගත සැලසුමක්
මෙම මෙහෙයුම හිටිහැටියේ සිදු වූවක් නොව, මාස ගණනාවක ඉතා සියුම් සැලසුම් කිරීමක ප්‍රතිඵලයක් බවයි වාර්තාවල දැක්වුණේ.
මදුරෝගේ සෑම පියවරක්ම නිරීක්ෂණය කිරීම සඳහා සී.අයි.ඒ (CIA) නිලධාරීන් කණ්ඩායමක් පසුගිය අගෝස්තු මාසයේ සිට රහසිගතව වෙනිසියුලාවේ රැඳී සිට තිබුණා.
මදුරෝගේ රජය තුළ සිටින පුද්ගලයෙක්, ඩ්‍රෝන යානා සහ බුද්ධි තොරතුරු ඇසුරින් මදුරෝ නිදාගන්නා ස්ථානය, ආහාර ගන්නා ආකාරය, ඔහු අඳින ඇඳුම් පමණක් නොව, සුරතල් සතුන් පිළිබඳව පවා ඇමරිකානු බුද්ධි අංශ තොරතුරු රැස් කර තිබෙනවා.
සතුන්ට බෙහෙවින් කැමති අයෙක් වන මදුරෝ සුනඛයන්, බළලුන් ඇතිදැඩි කරන වීදි බළලුන්ට පවා ආදරය කරන්නෙක්.
මදුරෝගේ නිවසේ ඇතිදැඩි කරන සුනඛ සුරතලුන්ගේ හැසිරීම, ඔවුන්ට ලබාදෙන ආහාර පවා සීඅයිඒ රහසිගත ඔත්තුකරුවන් තොරතුරු රැස් කර තිබුණා.
මදුරෝ ඔවුන් සමඟ ගතකරන කාලය, එළියට යන අවස්ථා පිළිබඳවද සීඅයිඒ ඔත්තුකරුවන්ට මෙම මෙහෙයුමට නොසළකා හැරිය නොහැකි බුද්ධි තොරතරු බවට පත්ව තිබූ බව සඳහන්.
මදුරෝ අයාලේ යන බළලෙකු හදාගැනීමට ගනිමින් ජාතික සත්ව ආරක්ෂණ වැඩසටහන දියත් කිරීම වරෙක ජනතාවගේ සිත් දිනාගත් අවස්ථාවක් වී තිබුණා.
කෙසේවෙතත් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් ඇමරිකානු ප්‍රභූ හමුදා භටයින් කෙන්ටකි ප්‍රදේශයේ මදුරෝගේ නිවසේ සම්පූර්ණ අනුරුවක් තනා, එහි ඇතුළු වන ආකාරය පිළිබඳ පෙරහුරු පැවැත්වූයේ මෙම තොරතුරු රැස් කරගැනීමෙන් අනතුරුවයි.
දෛවය වෙනස් කළ ඇමතුම
වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසන් අවස්ථාවක් ලබා දී තිබුණා.
ඒ මීට සතියකට පමණ පෙර සිදු වූ පෞද්ගලික දුරකථන ඇමතුමකදීයි.
ට්‍රම්ප් මදුරෝට දන්වා ඇත්තේ ඔහු වහාම බලයෙන් ඉවත් විය යුතු බවයි.
මෙම දැනුම් දීම සිදු කරන විටත්, ඇමරිකානු යුද නැව් සමූහයක් වෙනිසියුලානු වෙරළ සීමාවට ඔබ්බෙන් ස්ථානගත කර තිබුණා.
පසුගිය සෙනසුරාදා සිය නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තීරණාත්මක සංවාදය සිහිපත් කළ ජනාධිපති ට්‍රම්ප්, තමා මදුරෝට "ඔබට යටත් වීමට සිදු වෙනවා" යනුවෙන් සෘජුවම ප්‍රකාශ කළ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, නිකොලස් මදුරෝ මෙහිදී සිය ජීවිතයේ විශාලතම අවදානම ගැනීමට පෙළඹී තිබුණා.
ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ මදුරෝ යටත් වීමට ඉතා ආසන්න වූ නමුත්, අවසානයේ එසේ නොකර සිය බලයේම රැඳී සිටීමට තීරණය කළ බවයි.
එතෙක් රහසේ ස්ථානගත වූ සියල්ල ක්‍රියාත්මක කිරීමේ සංඥාව නිකුත් කෙරුණේ මෙම ඇමතුමෙන් පසුවයි.
මෙහෙයුම ඇරඹෙයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිකුරාදා රාත්‍රී 10:46 ට (EST) මෙහෙයුම ආරම්භ කිරීමට අවසන් අනුමැතිය ලබා දුන්නා.
ඊට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම මෙහෙයුම දින කිහිපයකින් කල් ගියේ අයහපත් කාලගුණය හේතුවෙන්.
මෙහෙයුමට ගුවන් යානා 150කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී තිබුණා. ඒ බටහිර හැම්ප්ෂයර් පුරා පිහිටි හමුදා කඳවුරු 20කින්.
යානා බලඝණයට ප්‍රබලතම F-35, F-22 හමුදා ප්‍රහාරක ගුවන් යානා සහ B-1 බෝම්බ හෙළන යානය ද සූදානමින් සිටියා.
මෙහෙයුම ආරම්භ වීමට පෙර සයිබර් ප්‍රහාරයක් මගින් කරාකස් නුවර විශාල ප්‍රදේශයක විදුලිය විසන්ධි කිරීමට ඇමරිකාව පියවර ගත්තා.
ඇමරිකානු ප්‍රහාරක යානා මගින් වෙනිසියුලානු ගුවන් ආරක්ෂක පද්ධති සහ රේඩාර් මධ්‍යස්ථාන විනාශ කරනු ලැබුවා.
ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සඳහා ආරක්ෂිත ගමන් මගක් සකස් කිරීමේ අරමුණින්, ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු හමුදා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් පහතින් ප්‍රහාර එල්ල කරන විට අවම වශයෙන් පිපිරුම් හතක්වත් ඇසී තිබුණා.
ඉන් අනතුරුව, ‘රාත්‍රි හඹායන්නන්’ ලෙස හැඳින්වෙන විශේෂ හෙලිකොප්ටර් බලකාය මගින් ඩෙල්ටා ෆෝස් භටයින් මදුරෝ රැඳී සිටි ආරක්ෂිත නිවස වෙත ගොඩබැස්වූවා.
නිදියහනේ අත්අඩංගුවට ගැනීම
අමෙරිකානු හමුදා එරට වේලාවෙන් අලුයම 1.01 ට මදුරෝගේ නිවස වෙත ළඟා වූවා.
ඇමරිකානු භටයින් මදුරෝගේ නිවසේ වානේ දොරවල් කපමින් ද අවශ්‍ය තැන්වලදී පුපුරුවා හරිමින් ච ඇතුළු වී තිබෙනවා.
එම අවස්ථාවේදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සීලියා ෆ්ලෝරස්, වානේවලින් ශක්තිමත් කළ ආරක්ෂිත කාමරයකට පැන යාමට උත්සාහ කළා.
භටයින් ඉතා වේගයෙන් ක්‍රියා කර ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ එය වළක්වමින්.
මදුරෝගේ ආරක්ෂිත කාමරයේ දැඩි වානේ දොරවල් කැපීමට අවශ්‍ය බ්ලෝව්ටෝච් සම්බන්ධයෙන් එම කණ්ඩායම විශේෂ පුහුණුවක් මේ වෙනුවෙන්ම ලබාදී තිබුණා.
ජනාධිපති ට්‍රම්ප් මෙම සම්පූර්ණ මෙහෙයුම ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ හි සිට සජීවීව නිරීක්ෂණය කිරීම මෙහිදී කැපී පෙනුණා.
මෙහෙයුම අතරතුර ඇමරිකානු හෙලිකොප්ටර් යානයකට ද ප්‍රහාර එල්ල වූ අතර ඇමරිකානු භටයින් හය දෙනෙකු පමණ තුවාල ලැබුවා. කෙසේ වෙතත්, කිසිදු ඇමරිකානු භටයෙකු මෙහිදී මිය ගියේ නැහැ.
මෙම මෙහෙයුමේ නිරවද්‍යතාවය සහ රහස්‍යභාවය පිළිබඳව ජනාධිපතිවරයා සහ යුද ලේකම් පීට් හෙග්සෙත් ප්‍රශංසා කළා.
කෙසේ වෙතත්, වෙනිසියුලානු නිලධාරියෙකු පවසන පරිදි, හමුදා සහ සිවිල් වැසියන් ඇතුළුව ඔවුන්ගේ පාර්ශ්වයෙන් අවම වශයෙන් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙහෙයුම අතරතුර එක් හෙලිකොප්ටර් යානයකට ප්‍රහාරයක් එල්ල වුවද, එය ආරක්ෂිතව ආපසු පැමිණීමට සමත් වී තිබුණා.
අලුයම 3.29 වන විට හමුදා සාර්ථකව පිටව ගොස් තිබූ අතර, මදුරෝ සහ ඔහුගේ බිරිඳ USS Iwo Jima නෞකාව හරහා නිව්යෝර්ක් වෙත රැගෙන යාමට පියවර ගැනුණා.
දෑස් බැඳ ගිය නිව්යෝර්ක් ගමන
අත්අඩංගුවට ගත් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මුලින්ම USS Iwo Jima නෞකාව වෙතත්, පසුව ගුවන්තොටුපළක් හරහා නිව්යෝර්ක් වෙතත් රැගෙන විත් තිබෙනවා.
මදුරෝට එරෙහිව මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී කුමන්ත්‍රණය, කොකේන් ආනයනය සහ අවි ආයුධ සම්බන්ධයෙන් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පැවරෙනවා.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමු වී ඇති අතර, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා මෙම අත්අඩංගුවට ගැනීම ‘භයානක පූර්වාදර්ශයක්’ ලෙස හඳුන්වමින් හෙළා දුටුවා.
මදුරෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකානු නිලධාරීන් දැන් වෙනිසියුලාවේ පාලනය භාරව සිටින බවත්, එරට තෙල් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කරන බවයි.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅