කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් අනුයුක්ත කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජින්තුපිටිය, “125 වත්ත” ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 44 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය පුද්ගලයා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම වෙඩි තැබීමේදී අවාසනාවන්ත ලෙස අසල සිටි කුඩා දරුවන් දෙදෙනෙකුට ද වෙඩි වැදී තුවාල සිදු විය.
4 හැවිරිදි පිරිමි දරුවෙක්
3 හැවිරිදි ගැහැණු දරුවෙක්
තුවාල ලැබූ දරුවන් දෙදෙනා වහාම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔවුන්ගේ තත්ත්වය යහපත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය. රෝහල් වෛද්‍ය කණ්ඩායම් විසින් දරුවන්ට අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර ලබා දෙමින් සිටියි.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
