ලෝකයම හොල්ලන ලංකාවෙන් මතු වූ ලොව විශාලතම "දම් මැණික" මෙන්න.

 


ශ්‍රී ලංකාව කියන්නේ මැණික් දූපතක් කියලා අපි හැමෝම දන්නවා. හැබැයි මේ කියන්න යන මැණික නම් මුළු ලෝකෙම හොල්ලන්න සමත් එකක්.



රත්නපුරේ පොළොව යට සැඟවිලා තිබුණු, ලෝකයේ විශාලතම ස්වභාවික දම් පැහැති තරු මැණික (Purple Star Sapphire) පසුගිය 17 වැනිදා කොළඹදී නිල වශයෙන් ප්‍රදර්ශනය කළා.

මේ මැණිකට දීලා තියෙන නම තමයි “Star of Pure Land”. නම වගේම මේකේ තියෙන ලස්සනත් පුදුම සහගතයි.

මේකේ බර ඇහුවොත් ඔබ පුදුම වෙයි. මේ මැණික කැරට් 3,536ක් බරයි. ඒ වගේම මෙහි ඇති "තරු ලකුණ" (Six-ray asterism) ඉතාමත් පැහැදිලිව සහ සමමිතිකව මැණිකේ මතුපිට දකින්න පුළුවන්. ලෝක ප්‍රකට GIA ආයතනය පවා සහතික කරලා තියෙන්නේ මේක කිසිදු රත් කිරීමක් (Unheated) නොකළ සොබාදහමේ සැබෑ නිර්මාණයක් කියලයි.

දැන් බලමු හැමෝම කුතුහලයෙන් ඉන්න මේකේ මිල කීයද කියලා. විදෙස් වාර්තා වලට අනුව මේ "Star of Pure Land" මැණිකේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300 සිට 400 දක්වා වෙනවා කියලයි පැවසෙන්නේ. ඒ කියන්නේ රුපියල් වලින් බැලුවොත් හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක්.

දැනට මෙහි භාරකාරත්වය දරන්නේ අමෙරිකාවේ ඇරිසෝනාහි පිහිටි 'Tucson Masterpiece Gem Society' ආයතනයයි. වසර මිලියන ගණනාවකට පෙර රත්නපුරේ පොළොව යට නිර්මාණය වුණු මේ අගනා වස්තුව දැන් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට හරවන්න සමත් වෙලා තියෙනවා.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post