රාජ්‍ය නිළධාරීන්ට ජනපති අනතුරු ඇඟවීමක්

 


තම ආණ්ඩුව යටතේ කිසිදු දිනක මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 


ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමිනි. 


රාජ්‍ය දෙපාර්තමේන්තුවල සිටින ඇතැම් දුර්වල නිලධාරින් මේ ජාවාරම්කරුවන් සමඟ ඇත්වැල් බැඳගෙන සිටින බවද අනාවරණවී ඇති බව  ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

එම නිසා ඉන් ඉවත් වන ලෙසට යළිත් වරක් තමා ඉල්ලා සිටින බවත් එසේ නොමැති නම් රාජකාරිවලින් ඉවත් වන ලෙසට දැනුම් දෙන බවද  අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළේය.


‘‘බන්ධනාගාරය ඇතුළේ අත්අඩංගුවට පත්වූ අය මේ ව්‍යාපාරය කරමින් ඉන්නවා. ඉතාමත් කාර්යක්ෂම සේවයක් අපේ පොලිසිය කරනගමන්. කිහිප දෙනෙක් මේ ව්‍යාපාරයේ ගොදුර බවට පත්වෙලා තිබෙනවා. 

රේගු දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළේ වැඩ කරන දුර්වල නිලධාරින් මෙහි ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. 


රාජ්‍ය සේවයේ ඉහළ තැන්වල මේ උවදුරට ගොදුරු වුණ නිලධාරීන් අපි හඳුනගෙන තිබෙනවා. අත්අඩංගුවට අරන් තිබෙනවා. රාජ්‍ය සේවකයින් මෙහි ගොදුරු බවට පත්වෙලා තියෙනවා නම් අපි රටක් හැටියට ගමන් කරමින් සිටින්නේ කොහෙට ද.? 

ඒ් නිසා අනිවාර්යයෙන් අපි මේ ව්‍යාපාරය පරාජයට පත් කරන්න ඔනේ. 

මේ ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන් දේශපාලන රැකවරණය තිබුණා. අපි ඔබට එක සහතිකයක් දෙන්නම්.  


නැවත අපේ රටේ කුඩු ව්‍යාපාරිකයන්ට  දේශපාලන රැකවරණය නොලැබෙන ආණ්ඩුවක් රටේ ජනතාව ගොඩනගලා තිබෙනවා. මේවා මර්දනය කරන්න තියෙන ආයතනවල ප්‍රධානින් මේ අය එක්ක එකට ගනුදෙනු කළ බවට හෙළිදරව් වෙලා තිබෙනවා. අත්අඩංගුවට ගත්ත කෙනා නිදහස් කරගන්න සාක්ෂි ගොනු කරලා තියෙනවා. 


නීතිය ක්‍රියාත්මක කිරීමට තියෙන ආයතනවල ඉහළ පුටු යටත් කරගත්ත ඉතිහාසයක් අපිට තිබෙනවා. කාලයක් මේ නිලධාරින් මිලදී ගත්තා. කාලයක් මේ නිලධාරින් යටත් වෙලා වැඩ කළා. අද මුළුමනින්ම වෙනස් වෙලා තිබෙනවා. 


අත්අඩංගුවට ගැනීම සඳහා තිබූ යාන්ත්‍රණය වෙනස්වී තිබෙනවා. හැබැයි තැනින් තැන ඇතැම් සිද්ධීන් වාර්තා වනවා. මා ඒ සියලු නිලධාරින්ගෙන් ඉල්ලන්නේ, කරුණාකරලා ගනුදෙනුව අත්හරින්න. තෝරගන්න පාරවල් දෙකයි තියෙන්නේ. එක්කෝ ගනුදෙනුව අත්හරින්න. 


එක්කෝ රාජකාරියෙන් ඉවත් වෙන්න. ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කරමින් රාජකාරිය කරන්න කිසිසේත් ඉඩක් නොදෙන බව සහතික කරනවා.“


✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post