අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි කටයුතු පිළිබඳ හලාවත අධ්‍යාපන කලාපයේ බලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව කරුණු කිහිපයක් පවසා ඇත. ඒ අනුව රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බවත් රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගතව තිබූ බවත් පවසා ඇත.
එමෙන්ම එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවන් මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත්වැරදි හඳුනාගෙන ඒවා නිරාකරණය කරමින් යන නව අධ්‍යාපන ක්‍රමවේදයේදී, ළමයාට තාක්ෂණය හඳුන්වා දීම, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදුකළ යුතු බවත් අගමැතිනිය සදහන් කර ඇත.
පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාවය හා යටිතල පහසුකම් ගැටලු තුරන් කිරීම සඳහා මේ වනවිට අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවෙමින් පවතින බවත් 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීම මගින් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. පරිවර්තනීය වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් බව ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් කියා සිටියාය.
✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
