රාජපක්ෂ පවුලේ අද විශේෂ දවසක්! ජීවිතේ හැමදාමත් සෙවණැල්ල වගේ හිටපු ඇයට.. මහින්දගෙන් ආදරණීය සටහනක්.



 ලංකාවේ දේශපාලන ලෝකයේ ප්‍රබල චරිතයක් වන මහින්ද රාජපක්ෂ මහතා, අද දවසේ තමන්ගේ දේශපාලන භූමිකාවෙන් මිදිලා ආදරණීය සැමියෙක් විදිහට තමන්ගේ බිරිඳට උපන් දින සුබපැතුම් එක් කරලා තියෙනවා.



මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ ඔවුන් දෙදෙනාගේ සුන්දර ඡායාරූපයක් පළ කරමින් මෙන්න මෙහෙම කියලා තිබුණා.

"මගේ ජීවිතයේ සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ ශක්තිය ඔබයි. අභියෝග හමුවේ නොසැලී මා සමඟ සිටි මගේ ආදරණීය බිරිඳ ශිරන්තිට සුබ උපන්දිනයක් වේවා!"

මේ පෝස්ට් එක දාපු ගමන්ම දහස් ගණනක් දෙනා ශිරන්ති රාජපක්ෂ මහත්මියට උපන් දින සුබපැතුම් එක් කරලා තිබුණා.

දශක ගණනාවක දේශපාලන ගමන පුරාම මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවණැල්ල වගේ ඉඳගෙන ශිරන්ති මහත්මිය ලබා දුන්නු සහයෝගය ගැන මහින්ද රාජපක්ෂ මහතා මතකයට නගන්නට අමතක කළේ නෑ...

මහින්ද රාජපක්ෂ මහතා තැබූ සටහන.

"ජීවිතේ ඇතැම් අවස්ථා තිබෙනවා, අපේ හැඟීම් වචන වලට පෙරළන්න අපහසු. ගළපා ප්‍රකාශ කරන්න අපහසු. මා විවාහ වූයේ සරල රූ රැජිණියක් සමඟිනි. ජීවිතයෙන් බොහෝ කාලයක් ගෙවූයේ සහ අද ද ගෙවන්නේ, වගකීම් සහගත මව්වත් බිරිඳක් සමඟිනි. චරිත දෙකෙහි වෙනස අහසට පොළොව මෙන් ය. අපහසු පරිවර්තනයකි. එම රූ රැජිණියටත්, බිරිඳටත් මම බොහෝ සෙනෙහසින් ඇලුම් කරමි. ජීවිතයේ අපහසුම අවස්ථාවන් පවා සිනහවෙන් දරා ගනිමින්, මා අත් නොහැර සිටින බිරිඳ ශිරන්ති ඔබට සුබ උපන්දිනයක් වේවා.

මා රට වෙනුවෙන් සෘජු තීරණ ගත්තෙකි. මේ මහපොළව වෙනුවෙන් තීරණ ගන්නා විට එහි බැරෑරුම් කම ඇය හොඳින් දැන සිටි බව මම දනිමි. තම පවුල කුමන අවස්ථාවක දී හෝ බෙදුම්වාදී පිරිසකගේ ඉලක්කයක් විය හැකි බව දරුවන් තිදෙනෙකු‌ගේ මවක් වූ ඇයට නොසිතුනා විය නොහැකිය. නමුත්, ඇය නිහඬව සියල්ල දරා සිටියාය. නාවික හමුදා නිළධරයෙකු‌ගේ දියණියක් වූ ඇයට දරාගැනීම සහ ධෛර්යය සිය පිය උරුමයෙන්ම හිමි වූවක් යැයි මට සිතේ. ඇය මට ආදරණීය මව්වත් බිරිඳක් වූවාය. මගේ දරුවන් රැකගත් ශක්තිමත් අම්මා කෙනෙකු මෙන්ම මුණුපුරු මිණිපිරියන්ට සෙනෙහස ලබා දෙන දයාබර මිත්තණියක් වන බිරිඳ ශිරන්ති ඔබට දීඝායු."


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post