පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් අතර පහුගිය දිනවල ලොකු කතාබහක් ඇති වුණා "අපේ EPF එක විශ්‍රාම වැටුපක් කරන්නද හදන්නේ?" කියලා.
අන්න ඒ ප්‍රශ්නයට අද පාර්ලිමේන්තුවේදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඉතාමත් පැහැදිලි උත්තරයක් ලබා දුන්නා.
අමාත්‍යවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේ EPF (අර්ථසාධක අරමුදල) විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා රජය කොහේවත් කියලා නැති බවයි. පහුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා පැතිරුණු ඒ කතාව වැරදි වැටහීමක් බව ඔහු පෙන්වා දුන්නා.
EPF සහ ETF කියන්නේ සේවකයන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් තියෙන අරමුදල් බවත්, ඒවා සේවකයන්ට හිමි විය යුතු ආකාරයටම පවතින බවත් ඔහු අවධාරණය කළා.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා පෞද්ගලික අංශයේ සේවකයන්ට සතුටුදායක පුවතකුත් පැවසුවා.
පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයට අලුතින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම කෙරෙහි රජය මේ වන විට දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. සේවයෙන් විශ්‍රාම ගිය පසුවත් පෞද්ගලික අංශයේ සේවකයන්ට ස්ථාවර ආදායමක් සහ ගෞරවනීය ජීවිතයක් ලබා දීමයි රජයේ අපේක්ෂාව.
"EPF එක අල්ලන්නේ නැහැ, හැබැයි පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් ගේනවා!"
දැනට ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අයට මේක හිතට ලොකු සහනයක් දෙන පුවතක් වෙයි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
