ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති බව සදහන් වේ.
රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අද උදෑසන රත්‍රං මිලේ සමස්ත වැඩිවීම රුපියල් 10,000ක් බව වාර්තා වේ .
මේ අනුව අද දිනයේ "කැරට් 22" රන් පවුමක් මිල රු. 351,500ක් ලෙස සදහන්ය.
තවද ඊයේ දිනයේ දී රු. 370,000ක් ලෙස සදහන් වූ "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 380,000ක් දක්වා ඉහළ තිබෙන බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments