පොල් කියන්නේ ලංකාවේ බොහොම සුලබ දෙයක්.
ඒ නිසාම ලංකාවේ බොහෝ ගෘහණියන් ආහාර පිසීමේදී පොල් පරිභෝජනය කරනවා.
ඒත් වර්තනමානය වෙනකොට මේ තත්වය ගොඩක් වෙනස් වෙලා.
ඒ කාලයත් එක්ක කරන සටන නිසා. අද වෙනකොට වෙළඳපොලේ විවිධ සන්නාම යටතේ ඕනෑතරම් පොල් කිරිවලට ආදේශක පවතිනවා.
ඒත් කාලයත් ඉතුරු කරගෙන නියම පොල්කිරි ලබාගන්න කැමැත්තක් දක්වන ඔබට මේ ඇසෙන ආරංචිය වැදගත් වේවි..
පොල්කිරිවල නැවුම් බවත්, ගුණයත් රැකෙන පරිදි "Ice Cubes" ලෙස සකසා මාස ගණනක් තබා ගන්න පුළුවන් කියලා ඔබ දැන සිටියාද?
පොල්කිරි "Ice Cubes" සාදාගන්නේ කොහොමද?
දිනපතා පොල් ගාන කරදරයෙන් මිදෙන්නට අවශ්‍ය වන්නේ ඉතා සරල දේවල් කිහිපයක් පමණි.
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් පැසුණු පොල් (ගෙඩි භාගයක් හෝ එකක්)
මද උණුසුම් වතුර ස්වල්පයක්
බ්ලෙන්ඩරයක්
අයිස් කියුබ් ට්‍රේ එකක් (Ice Cube Tray)
පිළියෙළ කරන පියවර
1 පොල් සූදානම් කරගැනීම
පොල් ගෙඩිය හොඳින් ගාගන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණය අනුව පොල් ගෙඩියක් හෝ භාගයක් මේ සඳහා යොදාගත හැකියි.
2 බ්ලෙන්ඩ් කිරීම
ගාගත් පොල් ටික බ්ලෙන්ඩර් කප් එකට දමා, එයට සමාන ප්‍රමාණයක් (1:1 අනුපාතයට) මද උණුසුම් වතුර එකතු කරන්න.
විනාඩි 2-3ක් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. එවිට පොල්වල ඇති සම්පූර්ණ සාරයම කිරි ලෙස ලබාගත හැකියි.
3 උකු කිරි පෙරා ගැනීම
බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය පෙනේරයකින් හෝ පිරිසිදු රෙදි කැබැල්ලකින් හොඳින් මිරිකා ගන්න.
මෙහිදී වැඩිපුර වතුර එකතු නොකර "උකු කිරි" (First extract) ලබාගැනීමට වගබලා ගන්න.
4 අයිස් ට්‍රේ එකට දැමීම
දැන් මේ උකු පොල්කිරි ටික අයිස් කියුබ් ට්‍රේ එකකට වත් කරන්න.
අයිස් ට්‍රේ එකක් නොමැති නම් කුඩා ප්ලාස්ටික් භාජන වුවත් භාවිතා කළ හැකියි.
5 අධිශීතකරණයේ තැන්පත් කිරීම
මෙය අධිශීතකරණයේ (Freezer) තබා හොඳින් ගල් වනතුරු (Set වනතුරු) තබන්න.
ඉන්පසු මේවා පාවිච්චි කරන්නේ කොහොමද?
ඔබ ව්‍යංජනයක් පිසින විට, පොල්කිරි එක් කරන අවස්ථාවේදී අවශ්‍ය ප්‍රමාණය අනුව අයිස් කියුබ් 1ක් හෝ 2ක් කෙලින්ම ව්‍යංජනයට එක් කරන්න.
රස්නයට එය විනාඩියකින් පමණ දිය වී, සාමාන්‍ය පොල්කිරිවල රසයම ලබා දෙනු ඇත.
මෙහි ඇති වාසි
- උදෑසන කාලය ඉතිරි වීම.
- පොල් අපතේ යාම වැළකීම.
- අවශ්‍ය ඕනෑම වෙලාවක ක්ෂණිකව කෑම පිසීමට හැකි වීම.
- බෝඩිං වී සිටින අයට සහ කුඩා පවුල්වලට ඉතා ප්‍රායෝගික වීම.
කොහොම වුණත්, මෙය දිනපතා ගෙදර දොරේ උයන අයට ඉතා පහසු වුවත්, විශාල පිරිසකට උයන අවස්ථාවලදී නම් ගැලපෙන්නේ නැති විය හැකියි.
අන්තර්ජාලය ඇසුරෙන්..

✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න