🔴 මේෂ ලග්නය
විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. ළඟින් ඇසුරු කරන අයෙකුගේ දුරස්වීමක් සිදු කරයි. අවිවේකී දිනයකි.
🔴 වෘෂභ ලග්නය
සිතේ සැහැල්ලුවෙන් දවස ගත කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකිය.
🔴 මිථුන ලග්නය
වෙහෙසට පත්වන කටයුතු කීපයක් යෙදේ. හදිසි උපකාරයක් හිමිකරයි. ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.
🔴කටක ලග්නය
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. දුරදිග බලා කටයුතු කරන්න.
🔴 සිංහ ලග්නය
ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. සෙම් රෝගයකින් පීඩා අත් කරයි. පැරැණි හිතවතෙකු හමුවේ.
🔴 කන්‍යා ලග්නය
පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. නිදහස අඩු කරන දිනයකි. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි.
🔴 තුලා ලග්නය
වෙහෙසීම් බහුල කරයි. තීරණ ගැනීමේ දී දුරදිග බලා කටයුතු කරන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.
🔴 වෘශ්චික ලග්නය
හිතුවක්කාර තීරණයක් ගනී. වගකීමකින් නිදහස සැලසේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.
🔴 ධනු ලග්නය
අතමිට සරුකරන දිනයකි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. ගේ දොර කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.
🔴 මකර ලග්නය
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. දනට පිනට ළැදි දිනයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි.
🔴 කුම්භ ලග්නය
සැලසුමක් සාර්ථක කරයි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට සිදුවෙයි. වගකීම් බහුලයි.
🔴 මීන ලග්නය
අවිවේකී දිනයකි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇත. දෑතේ මහන්සියෙන් කරන රැකියාවකට හේතු ඇති කරයි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
