ඔබත් ඔන්ලයින් ගෘහ භාණ්ඩ ඇණවුම් කරලා තියෙනවද? – පොලිසියෙන් භයානක හෙළිදරව්වක්

 


වගකීමක් සහිත ගෘහ භාණ්ඩ ලබා දෙන බව පවසා අන්තර්ජාල දැන්වීම් පළ කරමින්, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රැසක් රවටා රුපියල් කෝටියකට අධික මුදලක් සංවිධානාත්මකව වංචා කළ කාන්තාවන් තිදෙනකු බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මෙම සැකකාරියන් අතර එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ නෑනා එක් අයෙකුද ඇතුළත් බවයි.

මෙම වංචා සිදු කිරීම සඳහා භාවිතා කර ඇති ජංගම දුරකථනයක්, පෞද්ගලික බැංකු දෙකකට අයත් වීසා කාඩ් පත් දෙකක් සහ වංචා කළ මුදලින් රුපියල් 87,000/= ක් සැකකාරියන් සන්තකයේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත, ඒකක අංක 04 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික, පොලිස් සැරයන් 70471 තෙන්නකෝන් සහ පොලිස් කොස්තාපල්වරුන් වන 104619 කිත්සිරි හා 15079 ජයසිංහ යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

✅✅✅✅✅✅✅✅✅✅



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post