බස් එක එනකම් පාරේ රස්තියාදු වූ යුගය නිමයි! දකුණු පළාතෙන් අලුත් ඇප් එකක්!

 


දකුණු පළාත තුළ ධාවනය වන බස් රථ පැමිණෙන වේලාවන් සහ ඒවා පවතින ස්ථාන මගීන්ට සජීවීව (Live) බලාගත හැකි නව ජංගම දුරකථන යෙදුමක් (Mobile App) හඳුන්වා දී තිබේ.

‘SP Bus’ ලෙස නම් කර ඇති මෙම යෙදුම මඟින් මගීන්ට ලැබෙන ප්‍රධාන පහසුකම් කිහිපයකි:

  • සජීවීව බස් රථය ඇති ස්ථානය (GPS Tracking): තමන් අපේක්ෂිත බස් රථය මේ වන විට පවතින්නේ කොතැනදැයි සිතියමක් හරහා සජීවීව දැකගත හැකිය.
  • පැමිණීමට ගතවන කාලය: බස් රථය අදාළ බස් නැවතුමට පැමිණීමට තවත් කොපමණ කාලයක් ගතවේද යන්න නිවැරදිව ගණනය කර පෙන්වයි.
  • කල්තියා පරීක්ෂා කිරීම: අදාළ බස් සේවාව ක්‍රියාත්මක වන්නේද යන්න නිවසේ සිටම පරීක්ෂා කර බැලීමේ හැකියාව මගීන්ට හිමිවේ.

මෙම නව තාක්ෂණික මෙවලම නිල වශයෙන් දියත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙමඟින් බස් නැවතුම්පොළවල් වල අනවශ්‍ය ලෙස කාලය වැය කරමින් බස් රථ එනතුරු රැඳී සිටීමට මගීන්ට සිදු නොවන අතර, තම ගමන් බිමන් වඩාත් කාර්යක්ෂමව සැලසුම් කර ගැනීමට මින් අවස්ථාව සැලසේ.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post