කොරියන් යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට සුභ පණිවුඩයක්

 


දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිව රැඳී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින්, දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දී තිබේ.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එම දැනුම් සිදුකර ඇත.

මෙම නව තීරණය 2026 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ඒ අනුව, භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු අනෙකුත් සියලු සුදුසුකම් සපුරාලන ශ්‍රමිකයින් වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර පළමු වරට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර, එම පරීක්ෂණයෙන් සමත් වන ශ්‍රමිකයින්ගේ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබයි.

වෙබ් අඩවියට ඇතුළත් කර පළමු වසර අවසානයේදී තවදුරටත් රැකියා ගිවිසුමක් නොලැබ වෙබ් අඩවියේ රැඳී සිටින ශ්‍රමිකයින් මෙතෙක් දෙවන වරටත් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වුවද, නව තීරණය අනුව දෙවන වසර සඳහා එවැනි වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අවශ්‍ය නොවන අතර, පළමු වර සිදුකළ වෛද්‍ය පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් වේ.

පරිපාලන කාර්යක්ෂමතාවය වැඩි කිරීමත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා රැකියා අපේක්ෂිතයින්ට වැය වන මුදල් ප්‍රමාණය අවම කිරීමත් යන අරමුණු මත මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන් කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post