පහුගිය දවස්වල තිබුණු රස්නය එක්ක හැමෝම බලාගෙන හිටියේ පොඩි හරි වැස්සක් වැටෙනකම් නේද?
හැබැයි මේ වෙද්දී කාලගුණයෙන් ලැබෙන ආරංචිය නම් ඒ තරම් සුභ නැහැ. ලංකාවට ගිනිකොණ දෙසින් ඇති වෙලා තියෙන "වායුගෝලීය කැළඹීම" නිසා දිවයින පුරාම කාලගුණය අද උඩුයටිකුරු වෙන්නයි යන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට නැගෙනහිර, ඌව පළාත්වල වගේම නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු පැත්තේ ඉන්න අයට අද කුඩ අතින් ගන්නම වෙනවා. ඇතැම් තැන්වලට මි.මි. 50 ඉක්මවපු තද වැසි වැටෙන්න ඉඩ තියෙනවාලු.
වැස්ස විතරක් නෙවෙයි, මේ පාර හුළඟත් ටිකක් සැරයි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලට වගේම උතුරු, උතුරු-මැද, වයඹ, හම්බන්තොට, ගම්පහ සහ කොළඹ ඉන්න අයටත් මේ සැර හුළඟ දැනේවි. පැයට කිලෝමීටර් 50ක විතර වේගයෙන් සුළං හමන්න පුළුවන් කියලා තමයි අනතුරු අඟවන්නේ.
කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර සහ සබරගමුව පැත්තේ ඉන්න අයට දවල් වෙනකම් අව්ව තිබුණත්, හවස 2.00 න් පස්සේ එකපාරටම අකුණු ගහලා වැස්සක් වහින්න ඉඩ තියෙනවා. ඒ නිසා හවස් වරුවේ එළියට යනවා නම් ටිකක් කල්පනාවෙන් ඉන්න එක ඇඟට ගුණයි.
ගිගුරුම් සහිත වැසි එක්ක එන අකුණු වලින් සහ තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය පියවර ගන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
✅✅✅✅✅✅✅
