නූතන සංගීතයේ "චරිත අත්තලගේ" මැජික් එකත් එක්ක මුළු රටම ගීතයෙන් මන්මත් කළ ඒ අපූරු මිනිසා, චන්ද්‍රසේන තලංගමයන් ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවුණා.
1980 ගණන්වල පුවත්පත් කලාවේදියෙක් විදිහට ක්ෂේත්‍රයට ආපු ඔහු, කාලයක් තිස්සේ තමන්ගේ ලිපි ලේඛන අස්සේ හංගගෙන හිටපු ගී පද මාලා ලෝකයට එළිදැක්වූවේ හරිම අහම්බෙන්. 2017 වෙනකම්ම ඔහු ගී පද රචකයෙක් විදිහට ජනප්‍රිය වෙලා හිටියේ නැහැ.
තලංගමයන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ සංගීතවේදී චරිත අත්තලගේ හමුවීමයි. 2017 දී "සංසාරයේ මා" ගීතයත් එක්ක ඔහු අතිශය ජනප්‍රිය වුණේ හිතාගන්න බැරි වේගයකින්. තරුණ පරම්පරාවට නුහුරු "කුලකයේ, ශ්වේත වර්ණ" වගේ ගැඹුරු වචන ඔවුන්ගේ මුවඟ රැඳෙන ජනප්‍රිය ගීත බවට පත් කරන්න ඔහුට පුදුම හැකියාවක් තිබුණා.
තරුණ වියේදී සැබෑ කරගන්න බැරි වුණු ඒ ගී පද රචකයාගේ සිහිනය, ඔහු සැබෑ කරගත්තේ තමන්ගේ සැඳෑ වියේදී. ප්‍රේමය, ඉතිහාසය සහ සමාජය ගැන ඔහු ලියපු ඒ අපූරු පද මාලා නූතන තාරුණ්‍යය වැළඳගත්තේ ඉතාමත් ආදරයෙන්.
ලිපි ලේඛන අස්සේ සැඟවී තිබුණු ඒ වාග් මාලා අද මුළු රටම ගායනා කරන අමරණීය ගීත බවට පත් වෙලා ඉවරයි. ඔහු ශාරීරිකව සමුගත්තත්, ඔහු තැබූ ඒ අර්ථපූර්ණ සලකුණ පරම්පරා ගණනාවක් යනතුරු මැකී යන්නේ නැහැ.
✅✅✅✅✅✅✅✅✅✅
