මේ වන විට දිවයිනට ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය බලපා ඇති බවත් එය පෙබරවාරි අවසන් වන තෙක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.
ඉන් අනතුරුව අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ඇති වන බවත් එය මාර්තු සිට අප්‍රේල් දක්වා පවතින බවයි ඔහු පවසන්නේ.
මෙම තත්ත්වයන් යටතේ මාර්තු අවසන් වන තෙක් සැලකිය යුතු වර්ෂාවක් නොලැබෙන නමුත් ලබන 23 සිට 26 දා තෙක් තාවකාලිකව වැස්ස වැඩිවෙනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.
මේ වන විට දිවයිනට සුළං හමන්නේ ඉන්දියාවේ ගොඩබිම් ප්‍රදේශ වල සිට බැවින් සීත කාලගුණ තත්ත්වයක් පවතින බවත් විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ මෙම සීත කාලගුණ තත්ත්වය පවතින බවත් ඔහු සදහන් කළා.
සමහර පළාත් වල මිහිදුම් සහිත කාලගුණයක් පවනින බවත් නුවර එළියට මල් තුහින ඇති වෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
