සැබෑ ආදරය කියන්නේ අත්නොහරින එකටයි කියලා මේ බැල්ලිය මුළු ලෝකයටම ඔප්පු කරලා තියෙනවා. Moo Daeng කියන මේ බැල්ලියගේ හිමිකරු වුණේ අසරණ මනුස්සයෙක්.
ඔහු හදිසියේම මියගියත්, ඒ බව නොදන්නා මූ ඩෙං, තමන්ගේ ස්වාමියා එනකම් මාස ගණනාවක් එකම තැනකට වෙලා මග බලාගෙන හිටියා.
මේ දුක හිතෙන කතාව සෝෂල් මීඩියා හරහා ලැව්ගින්නක් වගේ පැතිරෙන්න ගත්තා. තායිලන්ත වැසියන්ගේ විතරක් නෙවෙයි, මේ කතාව රාජකීය අවධානයටත් යොමු වුණා.
තායිලන්තයේ සිරිභා චුඩභෝන් (Siribha Chudabhorn) කුමරියගේ සිත මේ කතාවෙන් ගොඩක් කම්පනයට පත් වෙලා තියෙනවා. කුමරිය තීරණය කළා මේ අසරණ සතාව තමන්ගේ භාරයට ගන්න. පාරේ දුක් වින්ද මූ ඩෙංට දැන් රජ මැදුරක උපරිම සැප සම්පත් සහ ආදරය ලැබෙනවා.
"සමහර වෙලාවට මිනිස්සු අතහරින තැන සත්තු තවමත් ආදරය ඉතුරු කරලා තියෙනවා."
ඇත්තටම මේක ආදරය සහ විශ්වාසවන්තකම ජයග්‍රහණය කරපු සුන්දර කතාවක්. පාරේ අසරණ වෙලා හිටපු මූ ඩෙං අද තායිලන්තයේ වාසනාවන්තම සුරතලෙක් වෙලා ඉවරයි.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
