" අනිත් කාන්තාවොත් ලස්සනට ඉන්නවා දකින්න මම කැමැතියි..." තවත් කාන්තාවකගේ සිරුරේ ලස්සන ගැන සිතන ඇය මේ කියන්නේ මොකක් ගැනද..?


ඇයගේ රූපය ඇත්තෙන්ම ආකර්ශනීයයි. මේ කියන්න යන්නේ කවුරු ගැනද..?

මේදා ජයරත්න, ඇය කාගේත් ආකර්ශනය දිනාගත්ත කාන්තාවක්. 


කාන්තාවක් විදිහට මේදා තමන්ගේ ලස්සන පවත්වාගන්නා ගමන් අනිත් කාන්තාවන්ටත් ඒ ගැන කියා දෙනවා. මෙන්න බලන්නකෝ පුංචි තිරයේ කාගේත් අවදානය දිනාගත්ත ඇය ලස්සන ගැන කියන්නේ මොන වගේ කතාවක් ද කියන එක..

මේදා සාර්ථක නිළියක් වුණේ කොහොමද?

රංගනය ගැන සහ මාධ්‍යකරණය ගැන මම උසස් අධ්‍යාපනය ලබලා තියනවා. සාර්ථක නිළියක් වෙන්න ඒ දේවල් උදව් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් මම ටෙලිනාට්‍ය ගොඩක රඟපාලා නැහැ⁣. රංගනයෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් රංගපරාසයක් තියනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මගේ රංගන හැකියාවෙන් නිර්මාණකරුවො ඒ හැටි වැඩක් ගත්තෙ නැද්ද කියලා සමහර වෙලාවට හිතෙන අවස්ථා තියනවා.

රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න අලුත් පරම්පරාව ගැන අදහස මොකක්ද?

අද වෙද්දී ⁣දක්ෂ නවක නළු නිළියො පිරිසක් රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා. අපි වගේම ඔවුනුත් නිර්මාණය සාර්ථක කරගන්න මහන්සිවෙලා වැඩ කරනවා. මම හිතනවා අලුුත් පරම්පරාවෙ දක්ෂයොත් එක්ක රංගන ක්ෂේත්‍රයේ ආනගතය ⁣තවත් සුබ වෙයි කියලා.

මේදා හැමදාම ලස්සනට ඉන්න රහස මොකක්ද?

ලස්සන කියන දේ එන්න ඕනි හිත ඇතුළෙන් කියලා මම විශ්වාස කරනවා. මම ගුණදායි දේ කනවා, workout කරනවා. අනික මම කාටවත් වැරදි කරන්න හිතන් නැහැ⁣.

ලස්සනට ඉන්න ගමන් අනිත් කාන්තාවොත් ලස්සන කරන්න උත්සාහ කරනවා කියලා ආරංචියි...

ඔව්. මම ලස්සනට ඉන්න ගමන් අනිත් කාන්තාවොත් ලස්සනට ඉන්නවා දකින්න මම කැමැතියි. ඉතින් කාන්තාවන්ට ඇඟ ලස්සන කරගන්න උපදෙස් දෙන පන්තියක් මම ඔන්ලයින් කරගෙන යනවා.


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post