"මට යාළුවෝ නැතත් කමක් නෑ..... අම්මයි තාත්තයි ටීචර් රුවනි නිසංසලයි ඉන්නවනේ" පුංචි දියණියක් රටේම දෑසට කඳුළු එක්කළ මොහොත.

 


සමාජ මාධ්‍යයේ මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්, ඒ වගේම දෑසට කඳුළු උනන කතාවක් Hiru TV "පොඩි වැඩ්ඩෝ" වැඩසටහන හරහා රටටම නිරාවරණය වුණා.


මේ දිරිය දියණිය තමන්ට පාසලේදී මුහුණ දීමට සිදුවන අත්දැකීම් ගැන පැවසූ දේ අසන ඕනෑම කෙනෙකුගේ හදවත සසල කරනවා නිසැකයි.


පාසල් යන ගමන ගැන ඇය පවසන්නේ ඉතාමත් අහිංසක විදිහට. "තාත්තා ත්‍රීවීල් එකේ මාව ඉස්කෝලේ ගිහින් දානවා. ඊටපස්සේ අම්මා මාව පුටුවක් උඩින් තියනවා". කාගේවත් උදව්වක් නැතිව ඇය පාසලේ සියලු වැඩ කටයුතු තනිවම කරගැනීමට උත්සාහ කරන බවයි ඇය පවසන්නේ.

ළමා මනසකට දරාගන්නට අපහසුම දේ තමයි කොන්වීම. ඇය පවසන විදිහට ඇය අසලට එන ඇතැම් යාළුවෝ "මෙයා ගාව නම් ඉන්න බැරි වෙයි" කියා ඇයව දමා යනවා. ඇය පවසන මේ කතාව කාටත් ලොකු පාඩමක්.

"මට යාළුවෝ නැතත් කමක් නෑ, අම්මයි තාත්තයි ටීචර් රුවනි නිසංසලයි ඉන්නවනේ".

තමන් චොක්ලට් හෝ ටොෆී රැගෙන ගිය දිනට පමණක් බොහෝ දෙනා ඇය අසලට පැමිණ ඒවා කා දමා යන බව ඇය පවසන්නේ ඉතාමත් කනගාටුවෙන්. නමුත් ඒ අතරේ ඇයට තනි නොකරන, ඇය සමඟ හැමදාම ඉන්න "විරාජ්" නම් එකම එක හොඳ යාළුවෙක් ඉන්නා බවත් ඇය ආදරයෙන් සිහිපත් කරනවා.

කොතරම් අඩුපාඩුකම් තිබුණත් අප සැම එක මවකගේ දරුවන් කියලා අපි අමතක නොකරන්න ඕන කාරණයක්.අපේ සමාජයේ මෙවැනි දරුවන් දෙස ආදරයෙන් සහ කරුණාවෙන් බැලීමට අප සැවොම පුරුදු විය යුතුයි. 


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post