“බැංකුවෙන් කතා කරනවා” කියලා ඔබටත් ඇමතුමක් ආවද? රට පුරා අලුත් රැල්ල ගැන දැනුවත් වෙන්න



 සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් සහ දුරකථන ඇමතුම් මාර්ගයෙන් ජනතාව රවටා වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසනවා.

රැකියා අවස්ථා ලබාදෙන බව, ත්‍යාග දිනුම් ඇදී ඇති බව, හෝ අසත්‍ය චෝදනා මත නීතිය ක්‍රියාත්මක නොකර සිටින බවට පවසා පුද්ගලයින් බියගන්වා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කළා.

එමෙන්ම, විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අංක, OTP මුරපද, QR කේත සහ අනෙකුත් රහස්‍ය තොරතුරු ලබාගැනීම මගින් මෙම වංචා සිදු කරන බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් හිමියන්ගෙන් බැංකු තොරතුරු ලබාගෙන, ඔවුන්ගේ ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා බියගන්වා, වංචාකරුවන් විසින් ලබාදෙන ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි වාර්තා වී ඇති බව ද පොලීසිය අනාවරණය කර තිබෙනවා.

එසේම, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර සහ මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිස් ස්ථානය වෙත ද පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

මෙවැනි වංචනික ක්‍රියා වලට හසු නොවන ලෙසට මහජනතාව දැනුවත් කරමින්, මෙවැනි අවස්ථාවලදී පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.

  • Verified badge සහ නිල පිටු පරීක්ෂා කිරීම
  • කිසිදු තෙවන පාර්ශ්වයකට බැංකු ගිණුම් විස්තර, ජාතික හැඳුනුම්පත් අංක, Login details, OTP, Password, PIN අංක හෝ ඡායාරූප ලබා නොදීම
  • සැකසහිත links හෝ QR කේත භාවිතා නොකිරීම
  • විශ්වසනීය සහ Verified ගිණුම් පමණක් භාවිතා කිරීම
  • මුදල් තැන්පත් කිරීමට පෙර අනන්‍යතාවය තහවුරු කර ගැනීම
  • වංචා සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Cyber Crime Unit වෙත වහාම පැමිණිලි කිරීම

මෙවැනි වංචා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ස්ථානාධිපති (පරිගණක අපරාධ විමර්ශන අංශය) – 011 2381058

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය – 011 2852556

ස්ථානාධිපති (මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය) – 075 3994214

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිගණක අපරාධ විමර්ශන අංශය) – 011 2300638

පුද්ගලික සහකාර (පරිගණක අපරාධ විමර්ශන අංශය) – 011 2381375

✅✅✅✅✅✅✅✅✅



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post