ඇඩික් ආයතනය පවසන්නේ මෙරට දිනකදි මධ්ස#ර භාවිතයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන බවයි. එම ප්‍රමාණය නීති විරෝධී සහ නීත්‍යානුකූල මධ්ර# දෙකෙහිම එකතුවක් වන බවද එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට සමස්ත ජනගහනයෙන් 20%කට අඩු ප්‍රමාණයක් තවමත් මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනයෙන් 34.8%ක් සහ කාන්තාවන් 0.5%ක් නියෝජනය වන බවයි.
එමෙන්ම නීතිවිරෝධී ම#සාර භාවිතයද ඉහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව එය 10%ක අගයක් ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් ද සේරම් මහතා,
"අපේ රටේ මධ්#සාර භාවිත කරන ප්‍රමාණය ගත්තොත් තාමත් තාමත් 20%කට අඩු ප්‍රමාණයක් තමයි සමස්ත ජනගහනයෙන් ම#යසාර භාවිත කරන්නේ. එකෙන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනය ගත්තොත් 34.8%ක් මධ්‍යසාර භාවිත කරනවා කාන්තාවන් තාමත් ඉතාම හොඳ තැනක තියෙන්නේ 0.5%යි. විශේෂයෙන් මේ කාලයේදී මතුවෙච්ච කාරණයක් තමයි නීතිවිරෝධී ම#සාර භාවිතය ඉතාම ඉහළ ගිහිල්ලා කියන කාරණය. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 10%ක ප්‍රමාණයක් තමයි නීති විරෝධී ම#යසාර භාවිත කරන්නේ. අපි දැක්කා නීතිවිරෝධී ම#යසාර භාවිත කරලා 5-6ක් මිය#යනවා. හැබැයි අද දවසේ මිනිස්සු 50ක් ම#සාර මිනිස්සු ම#ලා දානවා. ඒක නීත්‍යානුකූල, නීති විරෝධී දෙකම එකතු වෙලා මිනිස්සු 50 දෙනෙක් ම#ලා දානවා හැබැයි අපි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ."
✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
