Ticker

6/recent/ticker-posts

අද සිට කිරි තේ කෝප්පයක මිල රු. 10කින් අඩුයි

 


ආනයනික කිරිපිටි මිලේ සැලකිය යුතු අඩුවීමක් සිදුවීමෙන් පසුව, අද (16) දිවයින පුරා කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

වෙළඳ අමාත්‍යාංශය විසින් ජනවාරි 16 සිට බලපැවැත්වෙන පරිදි ආනයනික කිරිපිටි මිල සංශෝධනය කළ බව නිවේදනය කිරීමෙන් අනතුරුව මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කර ඇත. 

මෙම මිල අඩුවීම හේතුවෙන් ආපනශාලා හිමියන්ට කිරි තේ නිෂ්පාදනයේ පිරිවැය අඩු වීම නිසා පාරිභෝගිකයින්ට ද සහනයක් ලැබෙන බව සංගමය පෙන්වා දෙයි.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments